වැඩි ලාභයට පහසුවට යට වී ලෙඩ වෙනවද?

අවබෝධයෙන් රෝගී නොවෙමුද?

2019 ය රසායිනික පොහොර යෙදූ ආහාර ගැනීමෙන් වැළකීමේ, දුරස්වීමේ හෝ අවම කිරීමේ ප්‍රාර්ථනීය වසර කරගන්න ඇරයුම්.

වර්තාමානයේ ආහාර නිෂ්පාදනය කිරීමේදී යොදන රසායනික පොහොර අපේ සිරුරට කිසිසේත්ම යෝග්‍ය නොවේ. එමෙන්ම ආහාර කල්තබා ගැනීමට වෙළෙඳපොළ වෙත නිකුත් කරන ආහාරවල නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුවද විවිධ කල්තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය ඊට එකතු කරයි.

මෙවන් තත්ත්වයක අපට ආහාරයට ගැනීමට ඇත්තේ මොනවාද යන්න අප ඉදිරියේ ඇති බලවත්ම ප්‍රශ්නයයි. වෙළෙඳපොළේ කෘතිම රසයට, අලංකාර අැසුරැම් කරණයට, මෙන්ම දිදුලන සුළු වූ වර්ණගැන්වූ පැහැයට මුලාවී ගුණය අමතක කර මිලදී ගන්නා ආහාර සිරුර ගිල්වා දැමීමෙන් ඉතාමත් සහනදායීවම ශරීර සෞඛ්‍යය හීන කරවා ගනී

කාබනික හෙවත් Organic food ආහාර ඕගනිසම් මූල්‍ය බීජයෙන් හට ගන්නා වූ ආහාර මගින් අපට වඩා නිරෝගීමත් ජීවිතයක් අපේක්ෂා කල හැක. ‘කාබනික ආහාර’ යනු කාබනික ගොවිතැනේ ප්‍රරමිතීන්ට අනුකූල වන ක්‍රම මගින් නිෂ්පාදනය කරනු ලබන ආහාරවේ. කෘත්‍රීම පොහොර හා පලිබෝධනාශක, ශාක වැඩීම් පාලක, පශු සම්පත් පෝෂණ ආකලනයන් සහ ජානමය වශයෙන් නවීකරණය කරන ලද පටක භාවිතා නොකර (Genetically modified foods) සකසන ලද ආහාර මෙයට අයත්වේ.

වස විස ඇති ආහාර ගැනීමෙන් ඉතාමත් අවාසනාවන්ත රෝගී තත්වයනට මුහුණු පෑ මිනිසුන් අපමණය. මේ වන විට ඉන් වකුගඩු ආසාධනය සහ අස්ථි ක්ෂයවීම බලවත්ම තත්වයක් වී තිබේ.

පිළිකා රෝග, අක්මාව ආශ්‍රිත රෝග, කොලෙස්ට්‍රෝල්, මානසික ආතතිය, ඉක්මනට වයස් ගත වීම, ජීවිත අපේක්ෂිතතාව හීන වීම. වඳ භාවය ආදී රෝග ගණනාවක්ම මෙම තත්ව තුල හට ගැනේ.

නීරෝගීව දිවි ගෙවන්නට වස විස නැති ආහාර රටාවකට පුරුදු වෙන්න 2019 ය වසරේ සුබදායී ආකල්ප ඇත කරගමු.

Facebook Comments